සිංහයන්ගේ හඬටත් වඩා මිනිස් කට හඬට වන සතුන් බිය බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

සිංහයන්ගේ ශබ්දයට වඩා මිනිස් කටහඬ වනගත ක්ෂීරපායී සත්වයන් තුළ බියක් ඇති කරන බව දකුණු අප්‍රිකාවේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කෘගර් ජාතික වනෝද්‍යානයේ තැන් තැන්වල සඟවා ඇති ස්පීකර් හරහා සාමාන්‍ය ලෙස කතා කරන මිනිසුන්ගේ හඬ පටිගත කිරීම් වාදනය කිරීම ඔස්සේයි විද්‍යාඥයන් විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

එහිදී හෙළිවී ඇත්තේ මිනිසුන්ගේ හඩ ශ්‍රවණය වීමත් සමග වන සතුන්ගෙන් 95%ක් පමණ අතිශයින් බියට පත් වූ අතර ඉක්මනින් පලා ගිය බවයි.

ගොරවන සිංහයන්ගේ හඬ පටිගත කිරීම්වලට අනෙක් වන සතුන් සැලකිය යුතු ලෙස අඩු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විද්‍යාඥයන් විසින් වනෝද්‍යානයේ වාදනය කිරීමට තෝරාගත් මිනිස් කථනවලට අප්‍රිකාවේ බහුලව භාවිතා කෙරෙන දේශීය භාෂා ඇතුළත්ව තිබෙනවා.

මෙම අධ්‍යයනයේ සොයා ගැනීම්වලින් පෙනී යන්නේ දඩයම් කිරීම, ගිනි අවි භාවිතය සහ දඩයම් සඳහා සුනඛයන් යොදා ගැනීම හමුවේ මිනිසුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම අතිශයින්ම භයානක බව ඇන්ටිලෝප් සතුන්, වන අලි, ජිරාෆ්, දිවියන් සහ ඌරන් ඇතුළු වන සතුන් ඉගෙන ගෙන ඇති බවයි.

මෙම අධ්‍යයනයට අනුව, වන සතුන් දැක්වූ භීතිය කෘගර් ජාතික වනෝද්‍යානයෙන් ඔබ්බට විහිදෙන අතර ගෝලීයව සියලු වන සතුන් වෙනත් ඕනෑම විලෝපිකයෙකුට වඩා මිනිසුන්ට බිය වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

වන ජීවී සංචාරක ව්‍යාපාරය මත යැපෙන ප්‍රදේශවලට මෙය අභියෝගයක් වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරන අතර සංචාරකයන්ට දැක ගැනීමට අවශ්‍ය සතුන් සංචාරකයන් ද නොදැනුවත්වම බිය ගැන්වෙන බව ඔවුන් සඳහන් කළා.

මිනිසුන් වන ජීවීන් තුළ ඇති කරන බිය අවම කිරීම මෙන්ම මිනිසුන් හැසිරවීම අභියෝගයක් වන අතර ඒවා සත්ත්ව සංරක්ෂණ සැලසුම්කරණයේ සහ ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණයේ අනිවාර්ය අංගයන් ලෙස සැලකිය යුතු බවයි සමීක්ෂණය සිදු කළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සොයාගැනීම් හමුවේ පරිසර පද්ධතිවල අවදානමට ලක්විය හැකි සත්ව විශේෂ ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ද විවර කෙරෙන අතර මිනිස් ශබ්ද නිසි ලෙස භාවිතා කළ විට නීති විරෝධී දඩයම්වලින් සතුන්ට ආරක්ෂා වීමට ද උපකාරී වන බව සඳහන්.

මෙම ක්‍රමවේදය යොදා ගනිමින් රයිනෝ දඩයම් වැළැක්විය හැකිද යන්න පරීක්ෂා කිරීම අත්හදා බැලීම සඳහා ද කටයුතු කරන බවයි මෙම සමීක්ෂණය සිදු කළ කණ්ඩායම කියාසිටියේ.

  1. WANA SATHUN ADAHAS HUAMARU KAA GANNA EYALAGE BHASHAWAK THIYENAWA. NAMUTH MINIS BHASHAWA EYALATA THRENNE NAHANE. EKA NISA IWATH WENAWA. NAMUTH MINISA EYALATA SAHA EYALA JEEWATH UNA WANAYATA AHARA SAHA JALAYATA KALA HANIYA EYAL DANNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01