සැමියා සමඟ වීඩියෝ කෝල් එකේ සිටිය දී බිරිඳ ගෙළ වැළලාගෙන

යාපනය, ආනෙයිකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගෙළ වැළලාගැනීමෙන් අනතුරුව බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු වූ නිලාජිනි ලලිතා නමැති කාන්තාවක්.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ස්විස්ටර්ලන්තයේ ජීවත්වන අතර, එම කාන්තාව පසුගිය 24 වනදා සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධව සිටින අවස්ථාවේ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අවස්ථාවේදී ම ස්වාමිපුරුෂයා විසින් අසල්වාසීන්ට දැනුම්දී ඇති අතර, අසල්වාසීන් පැමිණ කාන්තාව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම කාන්තාව ඊයේ මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව සැමියා සමඟ වීඩියෝ දුරකථන ඇමතුම හරහා සම්බන්ධ වී ඇති අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසු ඇය මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40