Empty Ad
AFC Banner
Empty Ad

සැමියා ගෙන්වා ගන්න බිරිඳ කළ රඟපෑම දුරදිග යයි

වෙනත් කාන්තාවක් සමග ජීවත්වන තම සැමියා ගෙන්වා ගැනීමේ අරමුණින් බිරිඳක් සිදුකළ රංගනයක් දුරදිග ගිය සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.

ඊයේ (22) සවස මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම කාන්තාව සිය භාරයට ගෙන තිබුණි.

තමන් ගැබිනි කාන්තාවක් බවට හුවා දක්වමින් අසල්වැසියන් මුලා කරමින් තවත් පුද්ගලයෙකු සමග එම කාන්තාව පසුගිය මැයි මාසයේදී මාදම්පේ ප්‍රදේශයේ කුලී නිවසකට පැමිණ ඇත.

මාදම්පේ සෙම්බුකට්ටිය ලියගොමුව වත්තේ අලුතින් ඉදිකරන ලද නිවසකටය.

අදාළ පිරිමි පුද්ගලයා ද පවසා ඇත්තේ තමන් විවාහක බිරිඳගෙන් වෙන්වී මෙම කාන්තාව සමග ජීවත් වන බවය.

මාස කිහිපයක් ඔවුන් මෙම නිවසේ රැඳී සිට තිබුණත් කිසිවෙකු සමග සම්බන්ධකම් නොපවත්වන හෙයින් ඒ පිළිබඳව අසල්වාසීන්ට සැක සිතී ඔවුන් විමසිල්ලෙන් සිට තිබුණි.

ඒ අතරතුර අදාල කාන්තාව සාමාන්‍ය තත්ත්වයෙන් කුලී නිවස පිටුපස සිටින ආකාරය ඊයේ දහවල් කාලයේදී අසල්වැසියෙකු දැක තිබේ.

මෙම ආරංචිය ගම්මානය තුළ පැතිර යෑමත් සමග අවට පදිංචිකරුවන් නිවස වටලා ඇයව ප්‍රශ්නකර ඇත.

පසුව මාදම්පේ පොලීසිය දැනුවත් කර එම යුවල භාරදීමට කටයුතු කර තිබේ.

පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ඇය ව්‍යාජ ගැබිනියක් බවත් ඇය ගැබිනියක් බව පෙන්වීම සඳහා කොට්ටයක් භාවිත කර ඇති බවය.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව කියන මෙම කාන්තාවගේ සැමියා මහරගම රෝහලේ සේවය කරන බව පවසා ඇත.

ඔහු වෙනත් කාන්තාවක් සමග එම ප්‍රදේශයේ ජීවත් වන බවත් සැමියාව නැවත තමන් වෙත ගෙන්වා ගැනීමේ අදහසින් මෙලෙස රංගනයක නිරතවූ බවත් ඇය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගෙත් උපරිම සපෝට් එක දෙනවා 15වෙනිදට රිලව් - මොණරු ගණන් කරන එකට #namalrajapaksha
Video thumbnail
වල් ඌරයි - ඉත්තෑවයි NPP ද? - නලින් බණ්ඩාර ජාතිය අමතයි - ලාල් කාන්ත - නාමල් කරුණාරත්න හොල්මන්
20:54
Video thumbnail
ගැටලුවක් තියෙනවා ඒක මෙතන කියන්න බෑ
00:13
Video thumbnail
BREAKING NEWS 🔴මගීන් 500කට ආසන්න පිරිසක් සමග කෝච්චියක් පැහැර ගනී
01:45
Video thumbnail
සෞඛ්‍ය ඇමති හදිසියේ මාධ්‍ය කැඳවා කියපු කතාව
08:28
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
01:00
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
06:03
Video thumbnail
විනාඩි 13යි - ලාල් කාන්ත කටඅරී - විපක්ෂය silent #lalkantha #npp #jvp
13:36
Video thumbnail
මෙහෙම අපිව අසරණ කරන්න එපා - වර්ජනය නිසා රෝගීන්ට තද වෙයි
05:45
Video thumbnail
මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
05:35

?