සැමියාගේ වියරුව බිරිඳගේ මරණයෙන් කෙළවර වෙයි

සිය බිරිඳට පොරොවෙන් පහර දී ඝාතනය කළ සැමියෙකු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සාහසික අපරාධය සිදු ව ඇත්තේ ඊයේ (17) පස්වරුවේ හිඟුරක්ගොඩ – කිරිමැටිය වැලිඇළ ප්‍රදේශයේ දීයි.

වයස අවුරුදු 49ක් වූ තිදරු මවක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබෙනවා.

පොරෝ පහරින් බරපතළ තුවාල ලබා සිටි කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ප්‍රතිකාර සඳහා ගල්අමුණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මියගිය කාන්තාව හා ඇයගේ ස්වාමිපුරුෂයා අතර නිතර ආරවුල් පැවති ඇති බවත් එවැනි ආරවුලක් දුරදිග ගොස් පහරදීම සිදු ව ඇති බවයි වාර්තාවන්නේ.

මරණකාරිය ගෙවත්තේ නිවස පිටුපස දර පලමින් සිටින අවස්ථාවේ දී ඇයගේ හිසට පොරොව ගෙන පහර දී ඇති බව පොලිස් මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 55 හැවිරිදි ස්වාමිපුරුෂයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?