සැමියාගේ වියරුව බිරිඳගේ මරණයෙන් කෙළවර වෙයි

සිය බිරිඳට පොරොවෙන් පහර දී ඝාතනය කළ සැමියෙකු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සාහසික අපරාධය සිදු ව ඇත්තේ ඊයේ (17) පස්වරුවේ හිඟුරක්ගොඩ – කිරිමැටිය වැලිඇළ ප්‍රදේශයේ දීයි.

වයස අවුරුදු 49ක් වූ තිදරු මවක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබෙනවා.

පොරෝ පහරින් බරපතළ තුවාල ලබා සිටි කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ප්‍රතිකාර සඳහා ගල්අමුණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මියගිය කාන්තාව හා ඇයගේ ස්වාමිපුරුෂයා අතර නිතර ආරවුල් පැවති ඇති බවත් එවැනි ආරවුලක් දුරදිග ගොස් පහරදීම සිදු ව ඇති බවයි වාර්තාවන්නේ.

මරණකාරිය ගෙවත්තේ නිවස පිටුපස දර පලමින් සිටින අවස්ථාවේ දී ඇයගේ හිසට පොරොව ගෙන පහර දී ඇති බව පොලිස් මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 55 හැවිරිදි ස්වාමිපුරුෂයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39