Empty Ad
AFC Banner
Empty Ad

සැප රියක් තුළ වෙඩිතබා ‘මන්නා රොෂාන්’ මරා දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

පාතාල කල්ලි සාමාජික රොෂාන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ගේ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටිය දී පාදුක්ක, තුන්තානවත්ත ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක තිබී අද (25) අලුයම සොයාගත්තා.

අළු පැහැති ජීප් රථයක් තුළ වෙඩි වැදී මියගොස් සිටිය දී මන්නා රොෂාන් නැමැත්තා සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මත කිසියම් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පවසන පොලිසිය සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 18කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ වනවිට ඩුබායිහි සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් මත්කුඩු ලබාගැනීමට ඔවුන් එම ප්‍රදේශයට පැමිණ ඇති අවස්ථාවේ දී ලලිත් කන්නන්ගරගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

ඝාතනයට ලක් වූ මන්නා රොෂාන් හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු 2019 වසරේ බෝම්බයක් ළඟ තබාගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක්.

37 හැවිරිදි වියේ පසු වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

මන්නා රොෂාන් සමඟ ඝාතනයට ලක්ව සිටි අනෙක් පුද්ගලයා කලුඅග්ගල, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් නිමේෂ් නැමති එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපනගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
8
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?