“සැප්තැම්බර් වනවිට 21,000 ක්‌ මියයනවා.” – හෙළිදරව්ව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරට එයි

ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා තිබෙනවා.

පවතින කොවිඩ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා යාහැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ ආයතනයක් ප‍්‍රකාශ කර තිබුණා.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව හෝ එය කුමන තොරතුරක් මත පදනම්ව කළ හෙළිදරව්වක්ද යන්න පැහැදිළිකර ගැනීමේ අරමුණින් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව හරහා වොෂින්ටන් විශ්වවිද්‍යාලය වෙත එම ලිපිය යොමුකර ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පවතින අධි කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. සංකූලතා නැති රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් දැඩි වෛද්‍ය අධීක්‍ෂණයක් යටතේ ප‍්‍රතිකාර කිරීම පිළිබඳව අපි ජනපතිවරයාට කරුණු ඉදිරිපත් කළා.

යම් යම් කොන්දේසිවලට යටත්ව කොවිඞ් රෝගීන් නිවාසවල තබා ගනිමින් ප‍්‍රතිකාර ලබාදෙන අතරතුර අවශ්‍යම හදිසි රෝගීන් වහාම රෝහල් කරා රැගෙන ඒම වෙනුවෙන් ක්‍ෂණිකව පහසුකම් සලසා දීම පිළිබඳවත් අපි ජනාධිපතිවරයා දැනුවත් කළා. පී. සී. ආර්. වාර්තා නිශ්චිතව ලබාගනිමින් නිවැරදි තීරණ ගැනීමට වසංගත රෝග විද්‍යා අංශය විසින් ගත යුතු පියවර පිළිබඳවත් අපේ සංගමය කරුණු ඉදිරිපත් කළා.

ඊට අමතරව රට පුරා වසා දැමීමට අවශ්‍ය ස්ථාන ක්‍ෂණිකව සොයා ගනිමින් පළාත් අතර සංචරණ සීමා පැනවීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිළි කළා.

එන්නත්කරණයේදී යුද හමුදාවේ සහාය ලබාගැනීමටත් එය පූර්ණ වෛද්‍ය අධීක්‍ෂණයන් යටතේ සිදුකිරීමටත් එම සාකච්ඡාවලදී අප එකඟතාවට පැමිණියා.

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඞ් මරණ ගැන කර ඇත පුරෝකථනය සත්‍යයක් නම් අපි ඒ පිළිබඳව ගතයුතු කි‍්‍රයාමාර්ග ඉක්මනින් කි‍්‍රයාවට නැංවිය යුතුයි. නමුත් මුලින්ම සොයාගත යුත්තේ ඒ පුවතේ සත්‍යතාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09