සැකකරු ඇල්ලුවත් වර්ජනය හෙට වෙනකම් ක්‍රියාත්මකයි – GMOA (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත එම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනුණ ද; රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන වැඩ වර්ජනය එලෙස ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වර්ජනය හෙට (13) පෙරවරු 08 තෙක් දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක වනු ඇති.

මෙම වර්ජනය හමුවේ ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල සාමාන්‍ය වැඩ රාජකාරීවලට බාධාවක් ඇති නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ගෙන සිටින කිසිදු වෛද්‍යවරයෙකු පෞද්ගලික අංශයේ රෝහල්වල ද ප්‍රතිකාර ලබාදීම මෙම වර්ජනය පැවැත්වෙන කාලසීමාව තුළ සිදු නොවන බවයි චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වයේ සුරක්ෂිතතාව ඇති කිරීමත්, ඉදිරියේ දී සැකකරුට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමත් සිදු කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙහි ඇති බරපතළ ප්‍රශ්නය වන්නේ මෙම වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදු ව ඇත්තේ ඇය තම සේවා මුරයේ රැඳී සිටින කාලය තුළදී බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

පෙරේදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි තරුණ වෛද්‍යවරියක් නාඳුනන අයෙකු විසින් ලිංගික හිංසනයට ලක් කර පලා ගොස් තිබුණා.

මෙම සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බවත් වාර්තා වුණා.

ඒ අනුව දීප ව්‍යාප්ත ව වර්ජනය සිදු කෙරුණු අතර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්වලට ආ රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවකටයි.

මෙවන් පසුබිමක දී අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණියා.

ඒ රෝහල් අධ්‍යක්ෂවරයා මුණගැහීමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?