සැකකරු ඇල්ලුවත් වර්ජනය හෙට වෙනකම් ක්‍රියාත්මකයි – GMOA (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත එම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනුණ ද; රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන වැඩ වර්ජනය එලෙස ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වර්ජනය හෙට (13) පෙරවරු 08 තෙක් දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක වනු ඇති.

මෙම වර්ජනය හමුවේ ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල සාමාන්‍ය වැඩ රාජකාරීවලට බාධාවක් ඇති නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ගෙන සිටින කිසිදු වෛද්‍යවරයෙකු පෞද්ගලික අංශයේ රෝහල්වල ද ප්‍රතිකාර ලබාදීම මෙම වර්ජනය පැවැත්වෙන කාලසීමාව තුළ සිදු නොවන බවයි චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වයේ සුරක්ෂිතතාව ඇති කිරීමත්, ඉදිරියේ දී සැකකරුට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමත් සිදු කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙහි ඇති බරපතළ ප්‍රශ්නය වන්නේ මෙම වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදු ව ඇත්තේ ඇය තම සේවා මුරයේ රැඳී සිටින කාලය තුළදී බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

පෙරේදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි තරුණ වෛද්‍යවරියක් නාඳුනන අයෙකු විසින් ලිංගික හිංසනයට ලක් කර පලා ගොස් තිබුණා.

මෙම සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බවත් වාර්තා වුණා.

ඒ අනුව දීප ව්‍යාප්ත ව වර්ජනය සිදු කෙරුණු අතර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්වලට ආ රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවකටයි.

මෙවන් පසුබිමක දී අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණියා.

ඒ රෝහල් අධ්‍යක්ෂවරයා මුණගැහීමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46