සැකකරුවෙකු පළා ගිය සිද්ධියට ගුවන්තොටුපළ පොලිසියේ සැරයන්වරයෙකු රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු පළා යාමේ සිද්ධියට අදාළව කටුනායක ගුවන්තොටුපල පොලිසියේ සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියට අදාළව ඊයේ පොලිස් ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන් ඊයේ රාත්‍රී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු පළා යන අවස්ථාවේ ගුවන්තොටුපළ පොලිසියේ කාර්ය භාර නිලධාරීවරයා ලෙසට කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පුද්ගල ඝාතන 19 ක් සිදු කර ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටියදී ඊයේ (25) දින අලුයම ඉන් මිදී පළා ගොස් ඇතිබුණා.

මෙම සිදුවීම හේතුවෙනුයි කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවේ.

දකුණු කළුතර, ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස පොලිස් අත් අඩංගුවෙන් මිදී පළා ගොස් තිබෙනවා.

කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර පසුව ඉන් පළා ගිය පුද්ගලයෙකු වන මොහු තනිවම ඝාතන 9ක් සිදු කර ඇති අතර තවත් පුද්ගලයන් සමග හවුල් වෙමින් තවත් මිනීමැරුම් 10ක් පමණ සිදු කර ඇති බවටයි කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත්තේ.

සැකකරු පෙරේදා (24) දින සවස 06.30 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරණ ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත මෝටර් රථයකින් පැමිණ තිබෙනවා.

ඔහු සමග පිටත්ව යාම සදහා තවත් පුද්ගලයෙකු ද වෙනත් මෝටර් රථයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතැයි සඳහන්.

පසුව මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණි අතර, එහිදී මෙම පුද්ගලයාට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක ජාලයේ සටහන්ව ඇති බැවින්, මොහුට තවදුරටත් ගුවන් තොටුපළ තුළ ඉදිරියට යෑමට ඉඩ නොදී කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත මේ පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

මෙම සිදුවීම් මේ සියල්ල කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති අතර පසුව සවස 6ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පැමිණ , සැකකරු අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගොස් තිබුණා.

ඉන්පසුව භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු ලෙස සැරසී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මොහු නිදහස් කර ගැනීම පිළිබඳව පොලිසිය සමග සාකච්ඡා කර ඇතැයි සඳහන්.

පසුව මේ පිළිබඳව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මොවුන් දෙදෙනා භික්ෂූන්වහන්සේලා ලෙස වෙස් වළා ගත් ව්‍යාජ චීවරධාරීන් දෙදෙනෙකු බවටයි .

ඒ අතර මෙම සැකකරු පොලිස් සිර මැදිරියෙන් එළියට ගෙන සිට ඇති අතර, ඊයේ අලුයම 12.05ට පමණ පොලිස් අත් අඩංගුවෙන් මිදී පළා ගොස් තිබෙනවා.

මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා, මීගමුව දිස්ත්‍රික් iii කටුනායක ප්‍රදේශය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40