AFC Banner
Empty Ad
Empty Ad

සැකකරුවෙකුගේ නිවසට ගිනි තබයි

ආදර සම්බන්ධයක් හේතුවෙන් මීට දින කීපයකට පෙර කිළිනොච්චියේ වට්ටකච්චි රාමනාදන්පුර ගම්මානයේ පාසල් ශිෂ්‍යයෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුගේ නිවසට අද කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව ගින්න නිවීමට උත්සහ කළත් ගින්නෙන් මුලු නිවසම දැවී ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ .

ආදර සම්බන්ධයක් මත පහලොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුට පසුගිය 10 වෙනිදා ආදර සම්බන්ධය පවත්වාගෙන ගිය තරුණියගේ ඥාතියෙකු බවට පැවසෙන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඝාතනය කර තිබුණා.

අදාළ සැකකරු කිළිනොච්චිය ධර්මපුරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රිමාන්ඩ් කළ අතර එම සැකකරුගේ නිවසට අද දහවල් කිසියම් පිරිසක් විසින් ගිණි තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?