සා.පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනා ඊයේ ගෙදර ඇවිත් නැහැ

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත ගිය සිසුවියන් දෙදෙනෙක් නැවත නිවෙස් වෙත නොපැමිණි බවට ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ සිසුවියන් දෙදෙනාගේ මව්පියන් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඊයේ (14) උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය වෙත මෙම සිසුවියන් දෙදෙනා පැමිණ තිබෙනවා.

විභාගය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්ථානය අසල මොවුන් දෙදෙනා කතා කරමින් සිට ඇති බවට විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බව සඳහන්.

ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අතුරුදන් වූ ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය, නාගස්තැන්න යන ප්‍රදේශවල පදිංචි මෙම සිසුවියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
4
+1
7
+1
15
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07