සා.පෙළ ප්‍රතිඵල එන දිනය අධ්‍යාපන ඇමති කියයි (වීඩියෝ)

2022 වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසවනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර 2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි ජනවාරි 04 වනදා ආරම්භ කර ජනවාරි මස 31 වනදා අවසන් වන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
11
+1
6
+1
1
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?