සාමදාන විනිසුරුවරුන් ධුරයෙන් ඉවත්කරන නව රෙගුලාසි

සාමදාන විනිසුරුවරුන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ චර්යාධර්ම සංග්‍රහය සම්බන්ධයෙන් වන රෙගුලාසිවලට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇමති උපදේශක කමිටුව විසින්.

1978 අංක 2 දරණ අධිකරණ පනත යටතේ පැනවෙන මෙම රෙගුලාසි සඳහා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ උපදේශක කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

යුක්තිය ඵලදායි ලෙස පරිපාලනය කිරීම සහ දූෂිත ක්‍රියාවන් සඳහා ඇති අවස්ථා ඉවත් කිරීම සහ සාමදාන විනිසුරුවරුන් අතර සදාචාරාත්මක හැසිරීම ප්‍රවර්ධනය කිරීම එම නියෝගවල පරමාර්ථය වී තිබෙනවා.

සාමදාන විනිසුරුවරුන් පත්කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් පිළිබඳ මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ මෙතෙක් සඳහනක් කර නොමැති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

සාමදාන විනිසුරුවරු විසින් එම තනතුර අවභාවිත කළහොත් එම පුද්ගලයන් සාමදාන විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ද මෙමගින් හැකියාව හිමිවනවා.

තනතුරේ ගෞරවය සහ ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සාමදාන විනිසුරුවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
8
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?