සාමදාන විනිසුරුවරුන් ධුරයෙන් ඉවත්කරන නව රෙගුලාසි

සාමදාන විනිසුරුවරුන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ චර්යාධර්ම සංග්‍රහය සම්බන්ධයෙන් වන රෙගුලාසිවලට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇමති උපදේශක කමිටුව විසින්.

1978 අංක 2 දරණ අධිකරණ පනත යටතේ පැනවෙන මෙම රෙගුලාසි සඳහා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ උපදේශක කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

යුක්තිය ඵලදායි ලෙස පරිපාලනය කිරීම සහ දූෂිත ක්‍රියාවන් සඳහා ඇති අවස්ථා ඉවත් කිරීම සහ සාමදාන විනිසුරුවරුන් අතර සදාචාරාත්මක හැසිරීම ප්‍රවර්ධනය කිරීම එම නියෝගවල පරමාර්ථය වී තිබෙනවා.

සාමදාන විනිසුරුවරුන් පත්කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් පිළිබඳ මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ මෙතෙක් සඳහනක් කර නොමැති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

සාමදාන විනිසුරුවරු විසින් එම තනතුර අවභාවිත කළහොත් එම පුද්ගලයන් සාමදාන විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ද මෙමගින් හැකියාව හිමිවනවා.

තනතුරේ ගෞරවය සහ ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සාමදාන විනිසුරුවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14