AFC Banner
Empty Ad
Empty Ad

සාගරිකා හදිසියේ ලෙඩ වෙයි

සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය අද (12) පෙරවරුවේ කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කළුතර ප්‍රදේශයේ දී සාගරිකා දුම්රියට මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

සුපුරුදු පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන දක්වායි මෙ‍ය ධාවනය වෙමින් සිට ඇත්තේ.

කළුතර ප්‍රදේශයේ කටුකුරුන්ද දුම්රිය ස්ථානය සහ උතුරු පයාගල දුම්රිය ස්ථාන දෙක අතර එනම් කලමුල්ල ප්‍රදේශයේ දී යි කාර්මික දෝෂයට ලක් ව ඇති බවට වාර්තා වන්නේ.

මෙම සිදුවීමත් සමග රාජකාරි සඳහා ගමන් කරමින් සිටි මහජනතාව දැඩි අපහසුතාවට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?