ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම

නැවත වරක් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම හෙට (21) දින සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (20) නියම කළේ ය.

ස්වර්ණ මහල් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ විසින් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත වරක් ස්වර්ණමහල් ආයතනයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තමන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබූ බැවින් මෙලෙස අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව එම සමාගමේ අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ ඇතුළු සිව්දෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

මීට පෙර දෙවතාවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හා මෙම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා තමන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිය බවත් මේ ලෙස එක ම වරද සම්බන්ධයෙන් නැවත නැවතත් තමන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස ඇප ලබා දෙන මෙන් අයදුම්කාර නාලක එදිරිසිංහ ඇතුළු සිව්දෙනා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, මේ පිළිබඳව සලකා බැලීමට ඇප පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම නඩුව සලකා බැලීම සඳහා හෙට (21) දින කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?