ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම

නැවත වරක් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම හෙට (21) දින සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (20) නියම කළේ ය.

ස්වර්ණ මහල් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ විසින් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත වරක් ස්වර්ණමහල් ආයතනයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තමන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබූ බැවින් මෙලෙස අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව එම සමාගමේ අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ ඇතුළු සිව්දෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

මීට පෙර දෙවතාවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හා මෙම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා තමන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිය බවත් මේ ලෙස එක ම වරද සම්බන්ධයෙන් නැවත නැවතත් තමන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස ඇප ලබා දෙන මෙන් අයදුම්කාර නාලක එදිරිසිංහ ඇතුළු සිව්දෙනා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, මේ පිළිබඳව සලකා බැලීමට ඇප පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම නඩුව සලකා බැලීම සඳහා හෙට (21) දින කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27