ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී පුද්ගලයෙක් මරුට

බේරුවල, සමඩ් මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවීමෙන් මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ගේට්ටුවකට අදාළ පුද්ගලයා අද උදෑසන මෙලෙස යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ බේරුවල, මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අදාළ නිවසේ වසර ගණනාවක සිට සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
21
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?