Empty Ad
AFC Banner
Empty Ad

ස්පුට්නික් වී එකක් ගත් අයට සිදුවන දේ

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතක් වන ස්පුට්නික් වී (Sputnik v) එක් මාත්‍රාවකින්ද ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්‌යේෂකයන්ද එක්කරගනිමින් සිදු කළ පර්‌යේෂණයක අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ආචාර්ය ජීවන්දර මේ බව තහවුරු කර ඇත.

එම පර්‌යේෂණයෙන් ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ගේ සිරුරේ 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් නිර්මාණය කෙරෙන බව සොයාගෙන ඇත. පුද්ගලයන් 327 දෙනකුගෙන් සමන්විත නියැඳියකින් මෙම පර්‌යේෂණය සිදු කර තිබේ.

එසේම ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන ප්‍රතිශතය 82.6%ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම පර්‌යේෂණයට යොදාගෙන ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04ක කාලයක් ගත කළ පුද්ගලයන්ය. කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාවද නියමිත කාල පරාසයන් තුළ ලබා ගැනීම ඔස්සේ වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය කරගත හැකි බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?