රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතක් වන ස්පුට්නික් වී (Sputnik v) එක් මාත්‍රාවකින්ද ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්‌යේෂකයන්ද එක්කරගනිමින් සිදු කළ පර්‌යේෂණයක අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ආචාර්ය ජීවන්දර මේ බව තහවුරු කර ඇත.
එම පර්‌යේෂණයෙන් ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ගේ සිරුරේ 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් නිර්මාණය කෙරෙන බව සොයාගෙන ඇත. පුද්ගලයන් 327 දෙනකුගෙන් සමන්විත නියැඳියකින් මෙම පර්‌යේෂණය සිදු කර තිබේ.
එසේම ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන ප්‍රතිශතය 82.6%ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම පර්‌යේෂණයට යොදාගෙන ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04ක කාලයක් ගත කළ පුද්ගලයන්ය. කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාවද නියමිත කාල පරාසයන් තුළ ලබා ගැනීම ඔස්සේ වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය කරගත හැකි බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
නයන තරංග ගමගේ














mema sputnik v ennath gath ayata langadi aawa ennath 15000 2veni ennatha lesa laba dennenam prayojanawath wedak wevi