AFC Banner
Empty Ad
Empty Ad

ස්පයිස්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ඍජු ගුවන් ගමන් අරඹයි

ස්පයිස්ජෙට් ගුවන් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා අද (20) සිට යළි ආරම්භ කළා.

ඒ, අනුව එම ගුවන් සමාගමේ එස්.ජී – 003 දරණ යානය ඉන්දියාවේ මදුරෙයි සිට අද පස්වරු 02.02ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම යානයෙන් ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී ස්පයිස්ජෙට් ගුවන් සේවා සමාගම මෙරට සමඟ ඍජු ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

ඉදිරියේ දී සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවයේ යානා මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පස්වරු 02.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන යානා එදිනම පස්වරු 03.10ට ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?