spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්නයිපර් රයිෆලයක් හැදූ මෙරට තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

යූ ටියුබ් වීඩියෝ නරඹමින් ‘ස්නයිපර් රයිෆලයකට’ සමාන ගිනි අවියක් එකලස් කිරීමේ චෝදනාව මත 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වාද්දුව, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්ථාපනය වී නිවසට පැමිණ සිටි අයෙක් බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු යූ ටියුබ් වීඩියෝ කිහිපයක් නරඹා ‘ස්නයිපර් රයිෆලයකට’ සමාන ගිනි අවියක් නිර්මාණය කර ඇති බවයි දැන ගන්නටය ලැබුණේ.

ඉවතලන අපද්‍රව්‍ය ප්ලාස්ටික්, සුදු යකඩ, යකඩ සහ ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය යොදාගෙන මොහු විසින් මෙම අවිය නිපදවා තිබෙනවා.

අවියට යොදනු ල්ලබන පතොරම් බයිසිකල් බෝල යොදාගෙන නිර්මාණය කර ඇති අතර, බල්ලන්ට සහ කුරුල්ලන්ට වෙඩි තබා සැකකරු විසින් මෙම අවිය පරීක්ෂා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු ගිනි අවිය ද සමඟ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වාද්දුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?