ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියට සමුදෙයි

වසර 17ක කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

37 හැවිරිදි වේග පන්දු යවන්නා ටෙස්ට් තරග 167කට, එක්දින ජාත්‍යන්තර තරග 121කට සහ T20 ජාත්‍යන්තර තරග 56කට ක්‍රීඩා කර කඩුලු 845ක් දවාගෙන ඇති බවයි ක්‍රිකට් වාර්තාවල සඳහන් වන්නේ.

2007 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි බ්‍රෝඩ්, මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨතම වේගපන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙසටයි සැළකෙන්නේ.

ඔහු හොඳම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ මේ වන විට පසු වනවා.

බ්‍රෝඩ් තම රට වෙනුවෙන් ටෙස්ට් කඩුලු 600 පසුකළ වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකු වන අතර මේ සතියේ ඕවල් හිදී ඔහුගේ අවසන් තරඟයේදී ඔහුගේ 150 වැනි අළු බඳුන කඩුල්ල ද දවා ගනු ලැබුවා.

2015 අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී ලකුණු 15කට කඩුලු 8ක් ලබා ගැනීම ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම වේග පන්දු යැවීමෙන් එකක් ලෙස මතකයේ රැඳෙනු ඇති.

වේග පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ 2010 වසරේ T20 ලෝක කුසලානය සහ අළු බඳුන තරගාවලි හතරක් ජයග්‍රහණය කිරීම ඇතුළුව ඔහුගේ නමට ගෞරව රැසක් ද එක් කර ගනිමින්.

බ්‍රෝඩ් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් 2016 උපන්දින ගෞරව ලැයිස්තුවේ Order of the British Empire (MBE) සාමාජිකයෙකු ලෙසට ද පත් කරනු ලැබුවා.

එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගුල්ඩ් පැවසුවේ “ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තයේ සර්වකාලීන විශිෂ්ටයන්ගෙන් කෙනෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?