AFC Banner
Empty Ad
Empty Ad

ස්ටාර්ක්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ඇඟිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට එක්දින තරගාවලිය ද අහිමිව යන බවයි වාර්තා වන්නේ.

අබාධය හේතුවෙන් ස්ටාර්ක් දෙරට අතර පෙරේදා පැවති දෙවන විස්සයි විස්ස තරගයට ද ක්‍රීඩා කළේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරගයේ පළමු පන්දු වාරයේදීම මිචෙල් ස්ටාර්ක් වම් අතේ මාපට ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ලක්වුණා.

කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී සිය පන්දුවාර හතරම ක්‍රියාත්මක කළ අතර එහිදී ලකුණු 26කට කඩුලු 03ක් ද බිඳ දැමුවා.

මේ අතර ඔහුට දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?