ස්ටාර්ක්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ඇඟිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට එක්දින තරගාවලිය ද අහිමිව යන බවයි වාර්තා වන්නේ.

අබාධය හේතුවෙන් ස්ටාර්ක් දෙරට අතර පෙරේදා පැවති දෙවන විස්සයි විස්ස තරගයට ද ක්‍රීඩා කළේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරගයේ පළමු පන්දු වාරයේදීම මිචෙල් ස්ටාර්ක් වම් අතේ මාපට ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ලක්වුණා.

කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී සිය පන්දුවාර හතරම ක්‍රියාත්මක කළ අතර එහිදී ලකුණු 26කට කඩුලු 03ක් ද බිඳ දැමුවා.

මේ අතර ඔහුට දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31