ස්කොට්ලන්තය පැරදූ දකුණු අප්‍රිකානු කතුන්ට ලකුණු 80ක විශිෂ්ට ජයක්

B කාණ්ඩය යටතේ මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට එක් ව සිටින දකුණු අප්‍රිකානු කාන්තාවන්ට අද (09) දිනයේ දී තවත් සුපිරි ජයක් හිමිවුණා.

ඩුබායි හි දී පැවති මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූයේ ස්කොට්ලන්තයයි.

දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දී සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ස්කොට්ලන්තයට එල්ල වූ ඉලක්කය ලකුණු 167ක්.

එහෙත් දකුණු අප්‍රිකානු කතුන්ගේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ ස්කොට්ලන්තය සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 86ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකාවේ Nonkululeko Mlaba ලකුණු 12කට කඩුලු 03ක් බිඳ දැමුවා.

Chloe Tryon කඩුලු 02ක් ද එක් කඩුල්ල බැගින් Ayabonga Khaka, Nadine de Klerk, Sune Luusට සහ Annerie Dercksen ට හිමිවුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූයේ අද දිනයේ දී Katherine Fraser (14) පමණයි.

සෙසු කිසිම ක්‍රීඩිකාවකට සාර්ථක වන්නට අද දිනයේ දී ඉඩ ලැබුණේ නැහැ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුහුණදුන් තරග 03න් තරග 02ක ජය ලබා ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට ඒමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දකුණු අප්‍රිකාවේ Marizanne Kapp විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41