AFC Banner
Empty Ad
Empty Ad

සහල් සීනි මිල තවත් වැඩිවෙයි

මේ වනවිට වෙළෙඳපොලේ සහල් සහ සීනි හිඟයක පවතින අතර ඒවායේ මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව, මේවන විට පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ නාඩු කිලෝවක් රුපියල් 130කටත්, සම්බා කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කටත් වැනි ඉහළ මිලකට අලෙවි වන බව වාර්ථා වෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොක් 100,000ක් කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර ඉන්දියවෙන් ආනයනය කළ තවත් සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට ළඟා වූ අතර අද සහ හෙට ද ඉන්දියාවෙන් සහල් රැගෙන තවත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත යි.

එම සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශය සැළසුම්කර ඇති අතර සහල් හිඟයට පිළියමක් ලෙස
මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 150,000ක් සහ පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000ක් වශයෙන් ආනයනය කිරිමට කටයුතු කර තිබෙනවා.

මේ අතර වෙළෙඳපොලේ සිනි මිලද අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද පනවා ඇති පසුබිමකයි .

කෙසේ වෙතත් මේවන විටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සිනි බහාලුම් 200ක් පමණ පවතිනවා.

සිනි ආනයනයකරුවන් පවසන්නේ වෙළෙඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?