සහල් සීනි මිල තවත් වැඩිවෙයි

මේ වනවිට වෙළෙඳපොලේ සහල් සහ සීනි හිඟයක පවතින අතර ඒවායේ මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව, මේවන විට පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ නාඩු කිලෝවක් රුපියල් 130කටත්, සම්බා කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කටත් වැනි ඉහළ මිලකට අලෙවි වන බව වාර්ථා වෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොක් 100,000ක් කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර ඉන්දියවෙන් ආනයනය කළ තවත් සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට ළඟා වූ අතර අද සහ හෙට ද ඉන්දියාවෙන් සහල් රැගෙන තවත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත යි.

එම සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශය සැළසුම්කර ඇති අතර සහල් හිඟයට පිළියමක් ලෙස
මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 150,000ක් සහ පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000ක් වශයෙන් ආනයනය කිරිමට කටයුතු කර තිබෙනවා.

මේ අතර වෙළෙඳපොලේ සිනි මිලද අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද පනවා ඇති පසුබිමකයි .

කෙසේ වෙතත් මේවන විටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සිනි බහාලුම් 200ක් පමණ පවතිනවා.

සිනි ආනයනයකරුවන් පවසන්නේ වෙළෙඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32