සහන මල්ලට අපහාස කළ අයගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලනවා – බන්දුල

සතොස මගින් ලබාදෙන රුපියල් 1,000ක් වටිනා සහන මල්ලට අපහාස කළ පාර්ශ්වයන්ගෙන් වන්දි ඉල්ලන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව අදාළ පාර්ශවයන්ගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලා ඒන්තර වාසි යවන බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පිළිකා කාරක අඩංගු බව තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික්ටොන් 105ක ප්‍රමාණයක් මෙරටින් රැගෙන යෑම සඳහා “බාබරා“ නමැති නෞකාව අනිද්දා (13) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 125ක් පොල් සංවර්ධන අධිකාරියේ පර්යේෂණාගාර මගින් පසුගිය දිනවල පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඉන් සාම්පල 109කම ඇෆලටොක්සීන් අන්තර්ගත නොවන බව තහවුරු විය.

තවත් සාම්පල 10ක පැවතිය හැකි උපරිම ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් අඩු බව හඳුනාගෙන ඇති අතර පැවතිය යුතු උපරිම ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් අන්තර්ගත සාම්පල ගණන 06කි.

කෙසේවෙතත් ආහාර පනතේ එන සීමාවන් අනුව එම සාම්පල කිසිවක් මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ නොපවතින බැවින් ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

පිළිකාකාරක පොල්තෙල් ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ද මේ වනවිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?