සහන ගෙන්න මුදල් ඇමති ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය ලබන සතියේ සිදු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් සමග පැවැත්වූ වීඩියෝ සංවාදයේ දී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සහ නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු වුණා.

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබාදීමට ද ඉන්දියාව එකඟත්වය පළ කළා. එහිදී ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යවරයා ඉන්දියාව වෙත යාමටයි සැලසුම් කෙරුණේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 8 වනදා නැවතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග දුරකථන සංවාදයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට හැකි සියලු ආකාරයෙන් සහය වන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මීළඟ ඉන්දීය සංචාරය පහසු දිනයක දී සිදු කිරීමට ද එහිදී එකඟත්වයක් ඇතිවුණා. ඒ අනුවයි මුදල් අමාත්‍යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?