සහන ආහාර පැකේජය ලබාදීමේ වැඩසටහන අද ඇරඹේ

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සඳහා සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩසටහන අද (01) දිනයේ සිට ආරම්භ වනවා.

අද (01) ඇරඹෙන මෙම වැඩසටහන ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට සතොස හරහා ලබාගැනීමට අවස්ථාව මෙම පවුල් සඳහා පවතිනවා.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනවා.

සතොස මගින් ආවරණය නොවන ප්‍රදේශයන්වල සුදුසුකම්ලාභීන්ට තෝරාගත් සමූපකාර අලෙවිසැල් මඟින් මෙම සහන පැකේජය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?