එළඹෙන අලුත් අවරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙන තෙක් එය අත්හිටුවන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
අයවැය යෝජනා අනුව රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර පැකේජය එළඹෙන අලුත් අවුරුද්ද වේ වෙනුවෙන් රුපියල් 2,500ක මිලකට ලබාදීමට රජය තීරණ කර තිබුණා.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල්වලට මෙම සහන ආහාර පැකේජය සතොස ශාඛා හරහා ලබාදීමටයි රජය පසුගිය පළමු වනදා සිට තීරණය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
+1
+1