සහකාරිය ඝාතනය කර සඟවා පලාගිය සහකරුවා දුම්රියපොළේ දී පොලිස් දැලේ

37 හැවිරිදි කාන්තාවක් මුම්බායිහි කුලී නිවසක් තුළ ඝාතනය කර පලා ගිය ඇයගේ සහකරුවා අල්ලා ගැනීමට දුම්රිය පොලිසියට හැකි වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා සිය සහකාරිය ඝාතනය කිරීමෙන් පසු ඇයගේ සිරුර නිදන ඇඳෙහි අභ්‍යන්තරව සැකසූ රහසිගත කුටියක සැඟවීමට පියවර ගෙන ඇත්තේ.

හර්දික් ෂා නැමැති මෙම සැකකරුවා රැකියා විරහිතව නිවසේ රැඳී සිට ඇති අතර, හෙදියක් ලෙස සේවය කළ සිය සහකාරිය විසින් නිවසේ සියලු වියහියදම් දරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුගියදා එලෙස ඇති වූ ආරවුලක් අතර තුර සැකකාර සහකරුවා විසින් මේඝා නැමැති සිය සහකාරිය ඝාතනය කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඉන් පසු දේහය නින්දන ඇඳේ අභ්‍යන්තරව සැකසූ රහසිගත කුටියක සඟවා ඇති සැකකරු නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් විකුණා දැමීමෙන් අනතුරුව එම ප්‍රදේශයෙන් පලා යෑමට කටයුතු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා පදිංචිව සිටි නිවස දෙසින් දුර්ගන්ධයක් හමන බවට අසල්වැසියන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ඒ පිළිබඳව පොලිසිය පැමිණ සොයා බැලීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු විසින් සිදුකළ ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් මුම්බායි පොලිසියට සඟවා තිබූ මේඝාගේ දේහය ද සොයා ගැනීමට ද හැකිව තිබෙනවා.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත්කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී සැකකරු මහාරාෂ්ට ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයෙන් පලා යෑමට උත්සාහ දරණ බවට තොරතුරු ලැබීමත් සමඟ ඔහුව දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමට දුම්රිය පොලිසියට හැකි වූ බව එරට ආරක්ෂක අංශ අද මධ්‍යට සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මුම්බායි පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40