සරසවි සිසුවෙකුට Whatsapp ඔස්සේ අසැබිදසුන් පෙන්වා නවකවදය දීලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් නවකවදයට සම්බන්ධ කටයුතු සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවට වාර්තා වනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්ව විද්‍යාල වෙබ් අඩවිය වෙත මෙම පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පැමිණිල්ලට අනුව සරසවියේ විනයාරක්ෂක නිලධාරියා විසින් ඊයේ (04) දිනයේ දී මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපනය ලබන අතරතුර දී වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් තමන්ට නවකවදයට සම්බන්ධ ක්‍රියාවන් සිදුකළ බවටයි සිසුවා විසින් විශ්ව විද්‍යාලය වෙත පැමිණිල්ල යොමුකර ඇත්තේ.

එයට සම්බන්ධ හඬපට හා වීඩියෝපට ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනය පාලක ආචාර්යවරයෙකුට භාර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම සාක්ෂි ද වනවිට පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?