සරසවි සිසුවෙකුට Whatsapp ඔස්සේ අසැබිදසුන් පෙන්වා නවකවදය දීලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් නවකවදයට සම්බන්ධ කටයුතු සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවට වාර්තා වනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්ව විද්‍යාල වෙබ් අඩවිය වෙත මෙම පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පැමිණිල්ලට අනුව සරසවියේ විනයාරක්ෂක නිලධාරියා විසින් ඊයේ (04) දිනයේ දී මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපනය ලබන අතරතුර දී වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් තමන්ට නවකවදයට සම්බන්ධ ක්‍රියාවන් සිදුකළ බවටයි සිසුවා විසින් විශ්ව විද්‍යාලය වෙත පැමිණිල්ල යොමුකර ඇත්තේ.

එයට සම්බන්ධ හඬපට හා වීඩියෝපට ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනය පාලක ආචාර්යවරයෙකුට භාර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම සාක්ෂි ද වනවිට පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනාගතය ගැන හිතලා තමයි අපි තීන්දු ගන්නේ
07:24
Video thumbnail
ලොරි රථයක් පාරෙන් ඉවතට පැන දොළකට පෙරළෙයි
01:08
Video thumbnail
කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක ගින්නක්
01:28
Video thumbnail
මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග ගිහින් තරුණයෙක්ව බිහිසුණු අයුරින් එළොව යවලා
01:21
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58


?