සමාජ ශාලාවක ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනෙකු පදවාගෙන ආ මෝටර් රථයක් අනතුරක (ඡායාරූප)

සීදුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ආරවුලකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ අයෙකු පදවාගෙන ආ මෝටර් රථය ඊයේ අලුයම ජා ඇල පොලිසිය ආසන්නයේදී අනතුරකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මෝටර් රථයේ තිබී නවීන පන්නයේ ගිනි අවියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මැගසිනයක් ද සහිත ස්වංක්‍රීය ගිනි අවියකට සමාන එම ගිනි අවිය 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සමාජ ශාලාවේදී සිදුවූ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක ගැටී නතර වී තිබෙනවා.

එහි සිටි තුවාලකරුවන් දෙදෙනාව ජා ඇල පොලිස් නිලධාරීන් විසින් රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

මෝටර් රථය තුල ලේ තැවරී තිබූ බැවින් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මැගසිනය සහිත ගිනි අවිය හමු වී තිබෙනවා.

අනතුරට පත් නවීන මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා රාගම, මත්තුමගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ මාළු අලෙවි කිරීමේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන අයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

තුවාල ලබා සිටියදී රෝහල් ගත කෙරුණු අනෙක් පුද්ගලයා අම්බලන්ගොඩ, ගලගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සේවයේ නියුතු නාවික හමුදා සාමාජිකයෙක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එම සැකකරු රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තුවාලකරුවන් දෙදෙනාටම ශල්‍යකර්ම සිදු කර තිබෙනවා.

තුවාල ලබා සිටින දෙදෙනා ගිනි අවිය උපයෝගී කරගෙන යම් අපරාධයක් සිදු කිරීමට සූදානම්ව සිටියේද ? නැතහොත් එම යම් අපරාධයක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් සහ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි ජාඇල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?