සමාජ ශාලාවක ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනෙකු පදවාගෙන ආ මෝටර් රථයක් අනතුරක (ඡායාරූප)

සීදුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ආරවුලකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ අයෙකු පදවාගෙන ආ මෝටර් රථය ඊයේ අලුයම ජා ඇල පොලිසිය ආසන්නයේදී අනතුරකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මෝටර් රථයේ තිබී නවීන පන්නයේ ගිනි අවියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මැගසිනයක් ද සහිත ස්වංක්‍රීය ගිනි අවියකට සමාන එම ගිනි අවිය 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සමාජ ශාලාවේදී සිදුවූ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක ගැටී නතර වී තිබෙනවා.

එහි සිටි තුවාලකරුවන් දෙදෙනාව ජා ඇල පොලිස් නිලධාරීන් විසින් රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

මෝටර් රථය තුල ලේ තැවරී තිබූ බැවින් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මැගසිනය සහිත ගිනි අවිය හමු වී තිබෙනවා.

අනතුරට පත් නවීන මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා රාගම, මත්තුමගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ මාළු අලෙවි කිරීමේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන අයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

තුවාල ලබා සිටියදී රෝහල් ගත කෙරුණු අනෙක් පුද්ගලයා අම්බලන්ගොඩ, ගලගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සේවයේ නියුතු නාවික හමුදා සාමාජිකයෙක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එම සැකකරු රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තුවාලකරුවන් දෙදෙනාටම ශල්‍යකර්ම සිදු කර තිබෙනවා.

තුවාල ලබා සිටින දෙදෙනා ගිනි අවිය උපයෝගී කරගෙන යම් අපරාධයක් සිදු කිරීමට සූදානම්ව සිටියේද ? නැතහොත් එම යම් අපරාධයක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් සහ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි ජාඇල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48