සමාජ යහපත තකා පෞද්ගලික ධනයෙන් දුම්රිය මගීන්ගේ විඩාව නිවූ මනුසත්කම

පොතුහැර දුම්රිය ස්ථානයේ මගීන් සඳහා වන වේදිකා බංකු බොහෝමයක් දීර්ඝ කලක පටන් ඉතා අබලන් තත්ත්වයක පැවතීම හේතුවෙන්, ඉන් දැඩි දුෂ්කරතාවකට ලක් වූයේ, එහි යන එන මගී ජනතාවයි.

මෙවන් තත්ත්වයක් මත පොදු මහජනතාවගේ සුබ සිද්ධිය තකා පොතුහැර තරුණ බෞද්ධ සංගමයේ සභාපති වන ව්‍යාපාරික කේ. වී. ගයාන් සුරංග මහතා රුපියල් ලක්ෂ 21ක් වැය කරමින් මෙම උතුම් සමාජ සත්කාරය සිදු කර තිබෙනවා.

පොතුහැර දුම්රිය ස්ථානයේ වේදිකා මගී ආසන 14 ක්, පොසොන් පෝය නිමිති කරගෙන දුම්රිය ස්ථානයේ පැවැත්වෙන දන්සලට දායකත්වය සැපයූ ප්‍රදේශයේ විහාරස්ථාන 19ක දහම් පාසැල් සඳහා ගුරු මේසයක් හා කාර්යාල පොත් රාක්කයක් බැගින් ද පොතුහැර මුස්ලිම් පල්ලිය දහම් පාසල් 2කට හා ක්‍රිස්තියානි පල්ලි දහම් පාසලක් සඳහා ද මෙහිදී පරිත්‍යාග කිරීම සිදු වුණා.

පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල යන පොලිස් ස්ථාන සඳහා ද කාර්යාල මේස පොත් රාක්ක ලබා දීමට කටයුතු කෙරුණු බවයි වාර්තා වන්නේ

පොතුහැර උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඉහළ දොළොස් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මහපිටියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මෙම වැඩසටහන සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
3
+1
44
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව.. පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23