සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන් සමාජ මාධ්‍යයේ පෙනීසිටි අයෙකු අත්අඩංගුවට!

සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විසින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් මැතිව්  අත්අඩංගුවට ගෙන තිබේ. 

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි පසුගිය 04 දා  උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබු අතර එම පුවත අසත්‍යයයි පවසමින් ජනාධිපති කාර්යාලය විසින් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි කර තිබිණ.  

ඒ අනුව කරනු ලැබූ කැඳවීමක් මත රජිව් මැතිව් පසුදා නීතිඥයකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී තිබිණ. 

 කෙසේවුවද රජිව් මැතිව්ගේ මව පවසන්නේ, නිවසට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් තම පුතා අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බවයි.  

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රජිව් මැතිව්  මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති තත්වයක් තුලය.  

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබිණ.  

එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවත් එම පුද්ගලයින් සොයන විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් ඔහු සදහන් කරයි.  

නීතිඥයකු ද වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පවසන්නේ, යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?