සමාජ මාධ්‍යයෙහි දැඩි ලෙස කතාබහට ලක් වූ, දෙහිවල සත්තු වත්තේ කොරෝනා ආසාදිත සිංහයාට පී.සී.ආර් කළ හැටි එළියට

තමන්ට කොරෝනා ආසාදනය වී ඇත්නම් සුරතල් සතුන් ඇසුරු කිරීමෙන් වළකින ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වැළදී ඇති බවට සාක්ෂි පවතින නමුත් සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවී ඇති බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි ලැබී නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

පසුගිය දා දෙහිවල සත්ත්ව උද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වූ අතර, සිංහ ධේනුවට කොරෝනා පරීක්ෂණයක් ඊයේ සිදුකර තිබෙනවා.

වෛරස පරීක්ෂාව සඳහා සිංහයාගේ මලපහ උපයෝගී කර ගත් නමුත් සිංහ ධේනුවගෙන් ශ්ලේෂ්ම පටලයක් ලබා ගැනීමට පශු වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියා.

මෙම සත්ත්වයාගේ පැටවුන් ද ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

සිංහයා රදවා ඇති ස්ථානයට යාබදව පිහිටි කූඩුවක සිටි වඳුරෙකුගේ සාම්පල ද පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදී පරීක්ෂාවට ලක් කළ නමුත් තහවුරු වී ඇත්තේ එම සත්ත්වයාට කොරෝනා වැළදී නොමැති බවයි.

කෙසේ වෙතත්, සිංහයාට කොරෝනා වැළදුණු ආකාරය තවමත් හෙළි වී නොමැති අතර, සත්ත්වයා රැක බලා ගන්නා සත්ත්වෝද්‍යාන සේවකයින්ගෙන් වෛරසය ව්‍යාප්ත වූයේ ද යන්න පිළිබදව අධ්‍යයනයක් සිදුකරන බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් සතරසිංහ කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26