සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරණ ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සමහරකින් භාෂණයේ නිදහස මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදුවට ලක් කෙරෙන බවයි.

ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් උන් වහන්සේ සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පත හරහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා කොමිසමක් පත් කිරීමට නියමිත අතර එම කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත පත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් තමන් කැමති පුද්ගලයින් අදාළ කොමිසමේ සාමාජිකයින් ලෙස පත් කිරීමට සහ සාමාජිකයින් ඉවත්කිරීමේ අභිමතයක් මෙම ජනාධිපතිවරයා වෙත සලසා දී තිබෙන බවත් කාදිනල් හිමිපාණන් චෝදනා කරනවා.
.
ඊට අමතරව අදාල පනත ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා පැමිණවීමට හා සීමා කිරීම පැනවීමට රජයට හැකියාව සැලසෙන බවත් උන්වහන්සේ චෝදනා කරනවා.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පතෙහි ප්‍රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාර අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15