සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරණ ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සමහරකින් භාෂණයේ නිදහස මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදුවට ලක් කෙරෙන බවයි.

ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් උන් වහන්සේ සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පත හරහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා කොමිසමක් පත් කිරීමට නියමිත අතර එම කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත පත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් තමන් කැමති පුද්ගලයින් අදාළ කොමිසමේ සාමාජිකයින් ලෙස පත් කිරීමට සහ සාමාජිකයින් ඉවත්කිරීමේ අභිමතයක් මෙම ජනාධිපතිවරයා වෙත සලසා දී තිබෙන බවත් කාදිනල් හිමිපාණන් චෝදනා කරනවා.
.
ඊට අමතරව අදාල පනත ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා පැමිණවීමට හා සීමා කිරීම පැනවීමට රජයට හැකියාව සැලසෙන බවත් උන්වහන්සේ චෝදනා කරනවා.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පතෙහි ප්‍රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාර අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?