AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය වූ සුනඛයා මියයයි

අන්තර්ජාලයේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත්ම අවධානයට ලක්වූ සුනඛයෙක් වන Cheems මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ජූලි මාසයේදී මෙම සුනඛයාට පිළිකාවක් ඇති බව හඳුනා ගෙන තිබුණා.

ඊට ප්‍රතිකාර ලබමින් සිටි Cheems අද මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද එම පිළිකාවට ප්‍රතිකාර ලෙස සැත්කමක් සිදු කර ඇති අතර එම සැත්කම අතරතුර මියගොස් ඇතැයි සඳහන්.

Cheemsගේ හිමිකරුවන් ප්‍රකාශ කළේ මෙම ශල්‍යකර්මයෙන් පසු තම සුරතලාට රසායනික චිකිත්සාව හෝ වෙනත් ප්‍රතිකාරයක් කිරීමට සැලසුම් කර තිබුණ ද දැන් ඊට ප්‍රමාද වැඩි බවයි.

Balltze නමින් පෙර හඳුන්වන ලැබූ Cheems හොංකොං හි ආදරණීය පවුලක් විසින් හදා වඩා ගැනීමට ලබාගෙන තිබුණේ එම සත්වයාට වයස අවුරුද්දක්ව තිබියදීයි.

2010 වසරේදී ලබාගත් Cheems ගේ ඡායාරූපයක් 2013 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමෙන් අනතුරුවයි ඒ වෙනුවෙන් Meme`s මෙමෙසේ නිර්මාණය වී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
1
+1
130
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?