සමාජයේ කොවිඩ් ආසාදිතයින් පිලිබඳ PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි මට්ටමක අඩුවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කොවිඩ් මරණ 180ක් විසින් ඊයේද නිවේදනය කළ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 07 දෙනෙකුද එම මරණ අතරට අයත්වී තිබුණි.

මේ අතර දින 5ක් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් 2950 දෙනෙකුගේ වාර්තා වසංගත රෝග  විද්‍යා ඒකකය ජාතික කොවිඩ් දත්තවලට අද එකතු කළේය.

ගෙවුණු දින 5කට අයත් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් ගණන 2,950කි.

ඒ අනුව සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා මෙතෙක් පැවැති දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංශෝධනය වන්නේ මෙලෙසිනි.

සැප්තැම්බර් 01 වනදා 3,828ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 637 දෙනෙකු එකතුවන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,465 ක් ලෙස දැක්වේ.

සැප්තැම්බර් 02 වනදා 3,627ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 603 දෙනෙකු එකතුවීමත් සමග එදින සමස්ත ගණන 4,230 දක්වා ඉහළ යයි.

සැප්තැම්බර් 03 වනදා 3,644 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 606 දෙනෙකු එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,250කි.

සැප්තැම්බර් 04 වනදා 3333ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 554 දෙනෙකු එකතුවන අතර එදින සමස්ත ගණන 3,887ක් ලෙස ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් 05 වනදා 3,308ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 550 දෙනෙකු එකතු වන අතර එදින සමස්ත ගණන 3,858 ක් ලෙස සංශෝධනය විනි.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

“පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි  PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා.”

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසිඅට ලක්ෂ විසිතුන්දහස් එකසිය හතළිස් හතකි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?