සම්භාහනයත් එක්ක ගණිකා සේවයත් සපයලා – වැටලීමකින් කතුන් හතරක් අල්ලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් පෑලියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය ප්‍රදේශයේ දී වටලා තිබෙනවා.

ලද තොරතුරක් මත පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම වැටලීමේ දී ගණිකා නිවාසයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගණිකා සේවය සැපයීම වෙනුවෙන් එහි රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 27 ත් 54 ත් අතර වයස්වල පසුවන හිඟුල්වල, මහියංගනය, කැලණිය සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?