සම්භාහනයට පැමිණි විදෙස් කතට අතවර කළ සිද්ධියකට දෙදෙනෙක් අත්අඩංගුවට

සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන අයෙකු සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලීසිය පවසනවා.

ප්‍රංශයේ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුව සහ එහි සේවය කරන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය නිසි අවසරයකින් තොරව පවත්වා ගොස් ඇති බවට පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

තමන් පසුගිය 15 වනදා මෙරටට පැමිණ මාරවිල – තල්විල ප්‍රදේශයේ තරු පන්ති හෝටලයක නවාතැන් ගත් බවත්,16 වනදා සවස සිරුර සම්භාහනය කරගැනීම සදහා එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය බවද පැමිණිලිකාර විදෙස් කත පොලීසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

තම සිරුර සම්භාහනය කරන මුවාවෙන් එහි සිටි සේවකයෙකු තමන්ගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කිරීම නිසා තමා එම ස්ථානයෙන් පිටතට පැමිණි බවද ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රීයේ අදාළ සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා තල්විල සහ රඹුක්කන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි තොඩුවාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?