සම්භාහනයට පැමිණි විදෙස් කතට අතවර කළ සිද්ධියකට දෙදෙනෙක් අත්අඩංගුවට

සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන අයෙකු සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලීසිය පවසනවා.

ප්‍රංශයේ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුව සහ එහි සේවය කරන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය නිසි අවසරයකින් තොරව පවත්වා ගොස් ඇති බවට පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

තමන් පසුගිය 15 වනදා මෙරටට පැමිණ මාරවිල – තල්විල ප්‍රදේශයේ තරු පන්ති හෝටලයක නවාතැන් ගත් බවත්,16 වනදා සවස සිරුර සම්භාහනය කරගැනීම සදහා එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය බවද පැමිණිලිකාර විදෙස් කත පොලීසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

තම සිරුර සම්භාහනය කරන මුවාවෙන් එහි සිටි සේවකයෙකු තමන්ගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කිරීම නිසා තමා එම ස්ථානයෙන් පිටතට පැමිණි බවද ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රීයේ අදාළ සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා තල්විල සහ රඹුක්කන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි තොඩුවාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32