සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් ගෙන්වා ගැනීමට අවසර

මෙරට තුළ සේවය කිරීම සඳහා පළපුරුදු සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා අවසරය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පළපුරුදු සම්බාහන චිකිත්සකවරියන් නොමැතිවම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බොහෝ පිරිසක් මෙම සම්බාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වූ නමුත් ඒ සඳහා පළපුරුදු කාන්තාවන් සහ පිරිමි පාර්ශවයන් නොමැති වීම ගැටළුවක්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් ප්‍රධානපෙළේ හෝටල් ආශ්‍රිතව ඇති සම්බාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති බවයි හෝටල් හිමියන් සංචාරක සංවර්ධන අධිකාරියට පවසා ඇත්තේ.

ඒ, අනුව ප්‍රධාන පෙළේ හෝටල් හිමිකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක සඳහන් කළේ.

දැනට ශ්‍රී ලංකාව තුළ සම්බාහන චිකිත්සකවරියන් සඳහා දේශීයව සහ විදේශීයව සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් ඇති අතර, ඒ සඳහා පළපුරුදු සම්බාහන චිකිත්සකවරියන් හෝ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්ද නොමැති වීම නිසා සංචාරක හෝටල් ක්ෂේත්‍රය තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මීට පෙර ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා NVQ සහතිකය යටතේ සම්බාහන චිකිත්සකවරියන් බඳවා ගැනීමට සූදානම් වුවත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගම් දැඩි විරෝධය දැක්වීම නිසා එය අත්හිටුවීමට සිදු වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මේ වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සුපිරි හෝටල් ඇතුළු හෝටල් 469 ක සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ගේ අවශ්‍යතාවය මත සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඒ අනුව පවතිනවා.

ඒ, සඳහා වසරක වීසා කාලයක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය සූදානම් බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26