AFC Banner
AFC Banner
Empty Ad

සම්පන්දන්ගේ දේහය අද ගුවනින් යාපනයට – හෙට ත්‍රිකුණාමලයටත් (ඡායාරූප)

අභාවප්‍රාප්ත ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්දන්ගේ දේහය හෙට (05) යාපනයෙන් ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත ව තිබෙනවා.

එම දේහය ඊයේ (03) පස්වරුව වන තෙක් පාර්ලිමේන්තුවේ අවසන් ගෞරව සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තබා තිබුණා.

ඉන් පසුව දේහය අද (04) උදෑසන කොළඹ සිට යාපනය දක්වා රැගෙන යාම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්. සම්පන්දන් යනු දෙමළ ජාතික සන්ධානයේ නායකයෙකු මෙන් ම, හිටපු විපක්ෂ නායකවරයෙකු ද වනවා.

උතුරේ ජනතාවගේ අවසන් ගෞරව වෙනුවෙන් අද දින යාපනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දේහය රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් රත්මලන ගුවන් හමුදා කඳවුරේ සිට යි.

එය යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට රැගෙන ඒමටයි ගුවන් හමුදාව විසින් කටයුතු යොදා තිබුණේ.

ඉන් පසුව එම දේහය පලාලි සිට විශේෂ රථ පෙළහැරකින් යාපනය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයට සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අසල පිහිටි තන්දෙයි සෙල්වා ශ්‍රවණාගාරයට රැගෙනවිත් මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

හෙට (05) දිනයේ දී නැවත පලාලි ගුවන්තොටුපොළෙන් ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දේහය ත්‍රිකුණාමලය වෙතට රැගෙන යාමට සූදානම් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

24 66862ffcf1fc0
24 66862ffd81a5d
24 66862ffb68dc0
24 66863098d15b6
24 66862ffe01225
24 6686309ae4f43
24 6686309a64fbe
24 6686309847b4e
24 66863099db106
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?