සම්පන්දන්ගේ දේහය අද ගුවනින් යාපනයට – හෙට ත්‍රිකුණාමලයටත් (ඡායාරූප)

අභාවප්‍රාප්ත ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්දන්ගේ දේහය හෙට (05) යාපනයෙන් ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත ව තිබෙනවා.

එම දේහය ඊයේ (03) පස්වරුව වන තෙක් පාර්ලිමේන්තුවේ අවසන් ගෞරව සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තබා තිබුණා.

ඉන් පසුව දේහය අද (04) උදෑසන කොළඹ සිට යාපනය දක්වා රැගෙන යාම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්. සම්පන්දන් යනු දෙමළ ජාතික සන්ධානයේ නායකයෙකු මෙන් ම, හිටපු විපක්ෂ නායකවරයෙකු ද වනවා.

උතුරේ ජනතාවගේ අවසන් ගෞරව වෙනුවෙන් අද දින යාපනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දේහය රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් රත්මලන ගුවන් හමුදා කඳවුරේ සිට යි.

එය යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට රැගෙන ඒමටයි ගුවන් හමුදාව විසින් කටයුතු යොදා තිබුණේ.

ඉන් පසුව එම දේහය පලාලි සිට විශේෂ රථ පෙළහැරකින් යාපනය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයට සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අසල පිහිටි තන්දෙයි සෙල්වා ශ්‍රවණාගාරයට රැගෙනවිත් මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

හෙට (05) දිනයේ දී නැවත පලාලි ගුවන්තොටුපොළෙන් ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දේහය ත්‍රිකුණාමලය වෙතට රැගෙන යාමට සූදානම් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

24 66862ffcf1fc0
24 66862ffd81a5d
24 66862ffb68dc0
24 66863098d15b6
24 66862ffe01225
24 6686309ae4f43
24 6686309a64fbe
24 6686309847b4e
24 66863099db106


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20