පරිවර්තනීය වෙනසක් සඳහා මානව සම්පත ගුණාත්මක ලෙස දියුණු කිරීම වැදගත් සාධකයක් බවත්, එහිදී රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (02) දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති, ‘බස්නාහිර පළාතේ පෙරපාසල් ප්‍රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා පෙරපාසල් ගුරුවරුන් වෙත සම්මත පොදු අකෘති පත්‍ර කට්ටල බෙදා දීමේ උත්සවය’ අමතමින්.
පෙරපාසල් ප්‍රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පොත් කට්ටල ගුරුවරුන් වෙත ලබාදීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු වුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරිය,
“රජයක් ලෙස දරුවන්ට ලැබෙන පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරභාවය, ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඒ තුළින් දරුවාට ලැබෙන ආභාසය ජාතික අධ්‍යාපන ඉලක්ක එක්ක පෙළගැසී තිබෙන බවට සහතික කිරීම අපේ වගකීමයි. ඒ සඳහා සිදුකළ යුතු මැදිහත්වීම අපෙන් සිද්ධවෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසීම සඳහා පෙරපාසල් අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් ලෙස අප දකිනවා. එහිදී පෙරපාසල් ගුරුවරුන් ලෙස ඔබ කරමින් ඉන්නා කාර්යයේ ගුණාත්මකභාවය තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යාමට රජය විසින් සිදුකළ හැකි සෑම දෙයක්ම සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා.”













