සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි වැඩපිළිවෙලක් හඳුන්වාදීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍යවරිය

පරිවර්තනීය වෙනසක් සඳහා මානව සම්පත ගුණාත්මක ලෙස දියුණු කිරීම වැදගත් සාධකයක් බවත්, එහිදී රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (02) දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති, ‘බස්නාහිර පළාතේ පෙරපාසල් ප්‍රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා පෙරපාසල් ගුරුවරුන් වෙත සම්මත පොදු අකෘති පත්‍ර කට්ටල බෙදා දීමේ උත්සවය’ අමතමින්.

පෙරපාසල් ප්‍රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පොත් කට්ටල ගුරුවරුන් වෙත ලබාදීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරිය,

“රජයක් ලෙස දරුවන්ට ලැබෙන පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරභාවය, ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඒ තුළින් දරුවාට ලැබෙන ආභාසය ජාතික අධ්‍යාපන ඉලක්ක එක්ක පෙළගැසී තිබෙන බවට සහතික කිරීම අපේ වගකීමයි. ඒ සඳහා සිදුකළ යුතු මැදිහත්වීම අපෙන් සිද්ධවෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසීම සඳහා පෙරපාසල් අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් ලෙස අප දකිනවා. එහිදී පෙරපාසල් ගුරුවරුන් ලෙස ඔබ කරමින් ඉන්නා කාර්යයේ ගුණාත්මකභාවය තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යාමට රජය විසින් සිදුකළ හැකි සෑම දෙයක්ම සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26